Thursday, March 13, 2014

සොඳුර නුඹ


ගිනි කාස්ට අව්වෙ දූවිලි පිරුන සුලඟෙ 
එල්ලි සුලැඟිල්ලෙ ඇවිද ගිය අයුරු සිහිවේ   
ලන්ව පිය මැන්න වෙරලේ වින්ද සෙනෙහස මිහිරේ
බිඳෙන රල පවසාවි නිසල ගල් මුමුනාවි

ගෙවුනු අතීතය සොඳුරෙ
තාම මා හද රැවුදෙ
යුවතිපති නොවුනෙ
මදිද පින් කල සසරෙ

දයිවය අඳුරු ලෙනකි
යන්න මිස එන්න නොහැකි
ඉතින් ඉවසමු ලඳුනෙ  
එක්ක්වෙන්න මතු භවයෙ
NJ

Wednesday, March 12, 2014

ලිය කොමලිය

සිරික්කියෙන් මා සනසපු සුරලිය
වරිච්චි ගෙදරට පායපු සිරිලිය
උඩැක්කියෙන් මන බන්දපු කෙවිලිය
නිච්චිය නෑ උඹ ලඟ මයෙ කොමලිය
වරා මල් පිපිල දොල මත වැටිලා
දන්ඩි පැටව් එක පොකුරට ඇදිලා 
කුම්බුක් ගස් සිසිලසේ දැවටිල
නාමලී මගෙ දියබුන් කෙලිනා
සුදු වතුසුදු සමන් පිච්ච
දෝතින් ගෙන කල පැන් පිරිච්ච
මුනිඳු වඳින ලිය සිත නිවිච්ච
ඇත් රජු මං මද කිපිච්ච...
NJ

Tuesday, March 11, 2014

මිතුදම

සුදුම සුදු දා ගැබත්
පවුර වී වට කලේ
කලු ගලක්
පිවිතුරුයි මිතු දමත්
දම් වැලක් වී එක් කලේ
වයිරයක්...
NJ