Tuesday, September 30, 2014

කේන්දරේ

විසුල තරු එළි පරදා
සඳක් සේ නුඹ පායා
මට මගේ උන ලෝකයට නැතුව මුත් අවසර ආවා
නිසල මුදු ගති
බැලුම් මන බැඳී
දසුන් දැක ඇවිලුනත් මගේ සිත
නුඹ ඉතින් තවමත් පුරුදු සුපුරුදු සීලයෙන්
මෑණියන් බස් විමසලා
නැකත්පත් ගෙන ගලපලා
යුවතිපති සේ අබිසෙස් ලබන්නට පිං මදිද සොඳුර සසරේ අපි කලා 
ගල් යුගය පසු කරන් ඇවිදින් අද මිනිසා සඳටත් ගිහින්
එත් ඇයි අපි තවම ජීවිතේ කේතු රාහුට පවරලා
සිකුරු හත් වෙනි කොටුවේ
දෝණිට තාම කුජ හතේ අපලේ
කරනු බෑ කොහොමත්ම දීගේ
නැන්දම්මා සෙනසුරුද එතකොට මගේ
හරිම වෙහෙසයි දැන් ඉතින්
බුදුරජුන් වැඩියත් ඔච්චරයි නම්
කිමද මතු බයවයෙදිත් මිනිසෙක් වෙලා
හංස යුවලක් වත් වෙමුද අපි
නව ග්‍රහයන්ට නොම යට වෙලා
NJ

Thursday, August 28, 2014

Forgive me


ගව් ගනන් දුර ඈත
මගෙන් වෙන් වී ඔයා
ආදරේ මට නෑ කියා
මාව හඬවලා ගියා
කල්පයක් මුත් බලා ඉන්නම්
යලිත් මා එනවද සොයා
ආදරේයි මන් ආදරේයි
සසර ඉම දකිනා තුරා

දුටු දාම පෙම් කලේ
නුඹට විතරයි රත්තරන්
මග බලා උන්නෙ මන්
මතක මන්දිර ඉදිකරන්
ඉගිලිලා ඇයි ගියේ
කොහොම ඉන්නද හිත හදන්

හැමදාම දුටු සිහිනේ
උන්නු ආදර දෙව් ලියේ
වින්ද සෙනෙහේ හදේ ගැඹුරේ
තාම සිරවී තියේ ලයේ
සමා වී නුඹ හද පෙලූ වරදට
ගෙවුනු නව යෞවනේ
පමා නෑ එනවද ඉතින්
රකින්නම් සරා සඳ සේ සල් වනේ
NJ

Thursday, June 19, 2014

Bus එක

කලු පාට තාර පාර ඉහමොල කරකෙවෙන ගෙන්දගම් සුවඳ
ඇස් ගිනිකන රතු එලිය අතරමැද දැකපු ලස්සන හිනාව.                                                                                               
හඳ පායල ලාවට අහසේ රේල්පාර පහු කලා පාලම උඩින්
රෝද උඩ නැටුව ටකරන් බස් එකේ ඔයයි මමයි එක ලඟ  හුස්මක දුරින්
කොටුවට එකක් ඉල්ලුවා නටවලා දෙතොල් නියොන් ලය්ට් දැල් උනා මගෙ පපුවෙ
තවත් තිබුනොත් අලුත් පාලම උඩ ට්රැෆික් ඇත්තමය් මං  යනවා වට 7ක් රවුම්
සෙනග බැහැලා බස් එක හිස් ඔයය් මමය් විතරක් කොටුවට යමින්
හෙටත් අවොත් ඔයා 138ක් උඩින් කැලනි තිස්සෙටත් ලය්ට් දෙනවා මන් හදවතින්
NJ

Sunday, May 4, 2014

යාලු



රිටිගල කන්ද තරහින් බැලුවත් නිබඳ
හන්තානේට ලන් වෙන්නට බෑ නේද
දලදා සමිදු අබියස වූ පින් සුවඳ
කොලොම්පුරේ සැප කුටුයේ තිබුනාද...

ඇන්දත් කමිස කලිසම් වයි වාරන පාට
බැබලෙන්නේ ඉන්නා තුරු විතරයි පාසලේ සුදට
එක පත අනා එකටම කෑ බත් මුලෙ රසට
දිව පිනවයිද නගරෙන් කන රස මුසු වලට...

අපි වෙන් වෙලා නෙක තැන් සිටියත් යාලු
හදවත අපේ එක රිද්මෙට ගැස්සේලු
අපි සැම නුඹට අපිටත් නුඹ විතරයිලූ
එකටම ඉඳිමු මිය යමු නැතුවම පාලූ...
NJ