Sunday, May 4, 2014

යාලු



රිටිගල කන්ද තරහින් බැලුවත් නිබඳ
හන්තානේට ලන් වෙන්නට බෑ නේද
දලදා සමිදු අබියස වූ පින් සුවඳ
කොලොම්පුරේ සැප කුටුයේ තිබුනාද...

ඇන්දත් කමිස කලිසම් වයි වාරන පාට
බැබලෙන්නේ ඉන්නා තුරු විතරයි පාසලේ සුදට
එක පත අනා එකටම කෑ බත් මුලෙ රසට
දිව පිනවයිද නගරෙන් කන රස මුසු වලට...

අපි වෙන් වෙලා නෙක තැන් සිටියත් යාලු
හදවත අපේ එක රිද්මෙට ගැස්සේලු
අපි සැම නුඹට අපිටත් නුඹ විතරයිලූ
එකටම ඉඳිමු මිය යමු නැතුවම පාලූ...
NJ

Broken Heart


හිරුත් නැගුනා කෙනෙක් හමුවී සිතක් බැඳුනා...
දිනක් ගෙවුනා ජීවිතය ආදරෙන් පිරුනා...
සඳක් පායා දෙහද බැඳි රන් හුය ලෙහුනා...
රැයක් ආවා දිවිය යලි අඳුරේ ගිලුනා...
NJ

Saturday, May 3, 2014

නුඹ


සිලි සිලියේ බෝ පත් ලෙල දුන්නාම
තුන් සිත නිවේ සමිඳුන් ලඟ උන්නාම
දිවි මං පෙතේ ඉම මට නුඹ පෙන්නාම
ඔබ දුර ගියා මා පෙම් සිත වින්ඳාම...

පෝයට ඉතින් පුර හඳ නුඹ දිලුනාම
සීතල සුලන් මා වත පිස හැමුවාම
නෙතු පියවෙලා නුඹෙ රුව මන ඇඳුනාම
පැතුවා හදින් නිවනට දුර හින්දාම...

සිත නැවතිලා හදවත අද රිදුනාම
නෙතු පිය සලා දස අත නුඹ සෙව්වාම
වින්දා සුපෙම් සැනසුම් මා ලඟ සේම
හන්දා උපන් සෙනෙහස මහ මෙර සේම...
NJ